අපගේ සමාගමෙන් නව E-Cart (විද්‍යුත් බලයෙන් ක්‍රියාත්මකවන රථයකි) විකුණුම් මාධ්‍යක් හදුන්වා දී ඇත. E-Cart රථය පදවමින් අපගේ නිශ්පාදන අලෙවි කිරීමට කැමති ඔබටයි මේ අනගි අවස්ථාව.
ප්‍රධාන වගකීම්
බෙදා හැරීම:
අපගේ නිශ්පාදන අලෙවිය සදහා ස්ථාන වෙත රැගෙන යාම.
පාරිභෝගික ඉල්ලීම් සපුරාලීම සඳහා කාලෝචිත හා කාර්යක්ෂම බෙදාහැරීම.
සෑම විටම පිරිසිදුව විකුණුම් කටයුතු කිරීම
නිෂ්පාදන තත්ත්ව සහතිකය:
ප්‍රවාහනයේදී හානි හෝ කාන්දු වීම වැලැක්වීමට නිෂ්පාදන පරිස්සමින් හසුරවීම.
නැවුම් බව සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා බීම වල උෂ්ණත්වය නිරීක්ෂණය කිරීම.
සියලුම බ්‍රව්නී සහ කෝපි අපගේ තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූලද යන්න සහතික කිරීම සඳහා වරින් වර පරීක්ෂා කිරීම.
පාරිභෝගික සේවා:
සුහදව සහ වෘත්තීයමය ආකාරයෙන් විකුණුම් ස්ථානවල ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කිරීම
අවශ්‍ය පරිදි පාරිභෝගිකයන්ට නිෂ්පාදන තොරතුරු සහ නිර්දේශ ලබා දීම.
විකුණුම් සහ පාරිභෝගික තෘප්තිය වැඩි කිරීම සඳහා විශේෂ දීමනා හදුන්වා දීම හෝ නව නිශ්පාදන ප්‍රවර්ධනය කිරීම.
තොග කළමනාකරණය:
තොග මට්ටම් නිරීක්ෂණය කිරිම සහ පවත්වාගෙන යාම.
E-Cart තුලට නිෂ්පාදන පැටවීම සහ බෑම සඳහා සහාය වීම.
ආරක්ෂක රෙගුලාසි වලට අනුකූල වීම:
පොදු මාර්ගවල E-Cart පදවාගෙන යාමේදී සියලුම මාර්ග නීති සහ රෙගුලාසි අනුගමනය කිරීම සහ ආරක්ෂණ විධිවිධාන පිළිපැදිය යුතුය.
සුදුසුකම්:
මනා සන්නිවේදන කුසලතා සහ පාරිභෝගික සේවය.
ස්වාධීනව වැඩ කිරීම සහ කාර්යක්ෂමව කාලය කළමනාකරණය කිරීමට ඇති හැකියාව.
ආහාර සුරක්ෂිතතා පිළිවෙත් පිළිබඳ මූලික දැනුම.
කාර්යක්ෂමව බෙදා හැරීම, මාර්ග(ප්‍රදේශ) පිළිබඳ දැනුම.
විවිධ කාලගුණික තත්ත්වයන් යටතේ වැඩ කිරීමට ඇති හැකියාව, බර පැටවීමට සහ වැඩ කිරීමට ඇති ශාරීරික ශක්තිය.
එළිමහනේ සිට විකුණුම් කටයුතු සිදු කරමින් දවස පුරා විවිධ විකුණුම් ස්ථාන වෙත ගමන් කිරීමට අවශ්‍ය වේ.
වැඩ කරන අතරතුර භණ්ඩ එසවීමට සහ සිටගෙන සිටීම සිදු වේ.
බෙදා හැරීමේ කාලසටහන් වලට අනුගතව නම්‍යශීලීව වැඩ කිරීමට සහ හදිසි අවස්ථාවල වැඩ කරන වේලාවන්ද වෙනස් විය හැක.
නිවාඩු දිනයන්දී වැඩ කළ යුතුය.
සතියකට දින 6ක් වැඩ කල යුතුය.
වැඩ කරන වේලාව පැය 9 යි.
10km වපසරිය තුල විකුණුම් කටයුතු කිරීමට ඇත.
ප්රතිලාභ:
60,000/= + විකුණුම් කොමිස්
EPF/ETF දීමනා
අතිකාල දීමනා
සටහන:
මෙම රැකියා විස්තරය E- Cart Rider තනතුර සඳහා මූලික රාජකාරි සහ සුදුසුකම් ගෙනහැර දක්වයි. බෙදා හැරීමේ සේවාව, කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා කළමනාකරණයට අවශ්‍ය පරිදි අමතර වගකීම් පැවරිය හැකිය.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- FEATURED
Delivery Rider (Part Time)
Gamma Pizzakraft Lanka (Pvt) LtdMEMBERColombo, Delivery Rider58 days - FEATURED
Delivery Rider (Part Time) - Dehiwala
Gamma Pizzakraft Lanka (Pvt) LtdMEMBERColombo, Delivery Rider41 days - FEATURED
Delivery Rider (Part Time) Dehiwala
DOMINO'S - Jubilant FoodWorks LankaMEMBERColombo, Delivery Rider58 days - FEATURED
Delivery Rider - Kalubowila
DOMINO'S - Jubilant FoodWorks LankaMEMBERColombo, Delivery Rider40 days